සුසුදු මල් පිපුණු සැදෑවේ...
පාළු මන්දාරම් අහස් කුස
තනිවී හඩන
පුංචි තරුවක් විලස
අහස් කුස දෙස බලා..
සුසුම් හෙළමි මම.
Tuesday, November 27, 2018
වෙන් වීම
දුගියාගේ දුක් ගීතය
පැදුරු සයනේ ගුලිවී නිදනා
යාචකයානෝ
බලවතුන්ගේ බලයට
ධනවතුන්ගේ ධනයට
තැලෙන පොඩිවෙන
අසරණුන්ගේ සෝ සුසුමන්
ලොවට නොපෙනුනාදෝ..
රුපියල් සතවලට තරුණ ජීවිත
බිලිගන්න බිහි කල
මත් කුඩු - නිල් චිත්‍රපට
අසැබි පොතපතින්
වියරු වූ තරුණ කැලගේ
අසංවරයෙන් නැගෙන අදෝනා
ලොවට නොපෙනුනාදෝ..
ළමා ලෝකය සුණු විසුණු කර
වියරු වූ කාමාතුරයනට
බිලි වූ නොදරුවන් දැක
නෙත් කදුළින් පිරුණාදෝ..
ආදරය
ආදරය පිවිතුරුයි සිනිදු මල් පෙති සේම
සෙනෙහසට එළියදෙයි පායනා හිරු සේම
ජීවිතේ අත්වැලයි හයිය දැනෙනා සේම
සිසිල් වූ දිය බිදයි දිව ගිලෙන පිපාසෙට
කාන්සිය මකාලන මියුරු ගී පද වැලයි
මනස සුවපත් කරන දිව්‍යමය ඔසු පැනයි
සිතට සිතුවිලි දෙවන බුද්ධියේ උල්පතයි
පෙර මගට සිත අදින දියුණුවේ හදවතයි
හිතුමතේ දුවන සිත් සුව යහනේ සතපවයි
නිදිබරින් තෙමෙන නෙත් මීදුමෙන් තෙමාලයි
හුස්ම නොවැටෙන ගතට යලිත් නව පණ පොවයි
ආදරය ජීවිතේ එළිය දෙන හිරු සදුයි
අම්මා
ඝන අන්ධකාරයම
ලොවම ගිලගත් මොහොතක
ලොවට එළිය දුන්
ලොවට සිිසිල දුන්
නුඹයි මගේ අම්මා
හිරු සමග එක් වෙලා
දුක් ගැහැට විද දරා
බත් ගසක ඵල දරා
අතු රිකිලි බිම බලා
බර නොමැත ගසට ඵල
තව තවත් ඵල දරනු රිසි
නුඹය ඒ බත් ගසත්
ඵල දරන - බර දරන
යසෝදරාවත් නුඹයි
මහා මායාවත් නුඹයි
මුළු ලොවම හැඩ කලේ
නුඹේ ගුණ සුවද මිස
වෙන කවුරුන්ද?