Tuesday, November 27, 2018

ආදරය

ආදරය පිවිතුරුයි සිනිදු මල් පෙති         සේම
සෙනෙහසට එළියදෙයි පායනා හිරු     සේම
ජීවිතේ අත්වැලයි හයිය දැනෙනා         සේම
සිසිල් වූ දිය බිදයි දිව ගිලෙන         පිපාසෙට

කාන්සිය මකාලන මියුරු ගී පද          වැලයි
මනස සුවපත් කරන දිව්‍යමය      ඔසු පැනයි
සිතට සිතුවිලි දෙවන බුද්ධියේ      උල්පතයි
පෙර මගට සිත අදින දියුණුවේ       හදවතයි

හිතුමතේ දුවන සිත් සුව යහනේ            සතපවයි
නිදිබරින් තෙමෙන නෙත් මීදුමෙන්     තෙමාලයි
හුස්ම නොවැටෙන ගතට යලිත් නව පණ පොවයි
ආදරය ජීවිතේ එළිය දෙන                  හිරු සදුයි

No comments:

Post a Comment