Tuesday, November 27, 2018

අම්මා

ඝන අන්ධකාරයම
ලොවම ගිලගත් මොහොතක
ලොවට එළිය දුන්
ලොවට සිිසිල දුන්
නුඹයි මගේ අම්මා

හිරු සමග එක් වෙලා
දුක් ගැහැට විද දරා
බත් ගසක ඵල දරා
අතු රිකිලි බිම බලා
බර නොමැත ගසට ඵල
තව තවත් ඵල දරනු රිසි
නුඹය ඒ බත් ගසත්
ඵල දරන - බර දරන

යසෝදරාවත් නුඹයි
මහා මායාවත් නුඹයි
මුළු ලොවම හැඩ කලේ
නුඹේ ගුණ සුවද මිස
වෙන කවුරුන්ද?

No comments:

Post a Comment