පැදුරු සයනේ ගුලිවී නිදනා
යාචකයානෝ
බලවතුන්ගේ බලයට
ධනවතුන්ගේ ධනයට
තැලෙන පොඩිවෙන
අසරණුන්ගේ සෝ සුසුමන්
ලොවට නොපෙනුනාදෝ..
රුපියල් සතවලට තරුණ ජීවිත
බිලිගන්න බිහි කල
මත් කුඩු - නිල් චිත්‍රපට
අසැබි පොතපතින්
වියරු වූ තරුණ කැලගේ
අසංවරයෙන් නැගෙන අදෝනා
ලොවට නොපෙනුනාදෝ..
ළමා ලෝකය සුණු විසුණු කර
වියරු වූ කාමාතුරයනට
බිලි වූ නොදරුවන් දැක
නෙත් කදුළින් පිරුණාදෝ..
No comments:
Post a Comment